පලා පල

2021 ජුනි මස 14 වැනි සඳුදා

2021 ජුනි මස 14 වැනි සඳුදා

රාහු කාලය දිවා 07.28 සිට 09.03 දක්වා රාත්‍රී 07.51 සිට 09.18 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- වයඹ

මේෂ

සැක මතු වේ

මිල මුදල් හානි හෝ අධික වියදම් යෙදෙන දිනයකි. ඥාති මිත්‍රාදීන් සමග මත ගැටුම් හට ගනී. කරගෙන යන කටයුතු ප්‍රමාද වීමෙන් පාඩු සිදු වේ. වතුරෙන් පීඩා ගෙනේ. හදිසි කෝපය පාලනය කර ගන්න. නොයෙක් දේ ගැන සැක ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. නින්දට බාධා පැමිණේ.

වෘෂභ

ස්ත්‍රීන් සමග මතවාද

ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. ස්ත්‍රී පක්ෂය සමග මතවාද ඇතිකර ගනී. රැකියා කටයුතුවල ප්‍රබෝධමත්ව නිරත වේ. මිත්‍ර ආශ්‍රය වැඩි වේ. මුදල් සෙවීමේ අලුත් මාර්ග සම්බන්ධයෙන් කල්පනා කරයි. අධ්‍යාපන කටයුතුවල යම් සාර්ථකත්වයක් ලබයි. තමා සම්බන්ධ වර්ණනාවක් අසන්නට ලැබේ.

මිථුන

ප්‍රේමයට විරෝධතා

වියදම් පක්ෂය ඉහල යයි. ගෞරවයට හානි පැමිණේ. රැකියා ස්ථානයේ පීඩාකාරී වාතාවරණයක් හට ගනී. ව්‍යාපාර කටයුතුවල නිරත නම් පාඩු සිදු වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. ප්‍රේම සම්බන්ධතාවලට විරෝධතා මතු කරයි. නියමිත වේලාවට කෑමබීම ගැනීම පවා අතපසු වේ.

කටක

විවාහ යෝජනා ස්ථිර වේ

වාසනාවන්ත දිනයකි. මුදල් ලාභ හිමියි. කරන කියන සෑම දෙයක් පහේම සාර්ථකත්වයට පත් වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. විවාහ යෝජනා ස්ථිරත්වයට පත් වේ. රැකියා කටයුතුවල උසස්වීම්වලට පදනම වැටේ. ශරීරාබාධ දුරු වේ.

සිංහ

රැකියාවේ ගැටලු

වියදම් පක්ෂය පාලනය කර ගන්න. කරන කියන කටයුතුවල අවුල් වියවුල් ඇති වේ. හදිසි තීරණ ගැනීමෙන් පඩු සිදු වේ. වටිනාකියන බඩු භාණ්ඩ අස්ථානගත විය හැක. කේලාම් ඕපාදූපවලට හසු වේ. රැකියා ස්ථානයේ ප්‍රශ්නකාරී දෑ සිදුවිය හැක. හදිසි අනතුරුවලින් ප්‍රවේසම් විය යුතුයි.

කන්‍යා

පදිංචි ස්ථානයේ වෙනස්කම්

සැප පහසුව ඇති වේ. නව ආදායම් මාර්ග සොයා ගනී. නවීන තාක්ෂණ උපකරණ කෙරේ අවධානය යොමු කරයි. පදිංචි ස්ථානයේ සුළු සුළු වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරයි. වෙනදාට වඩා ප්‍රණීත ආහාරපාන ලැබේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව සිටීමට කැමැත්තක් දක්වයි. භාවනා කටයුතුවල යෙදේ.

තුලා

වෙළෙඳ ව්‍යාපාර දියුණු වේ

මුදල් ලාභ හිමියි. ලොතරැයි දිනුම් උරගා බැලීමට සුදුසු දිනයකි. ගොවිතැන් කටයුතුවලින් ලාභ උපයයි. තරුණියන් සම්බන්ධ වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් හිමි වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. සමාජ සේවා කටයුතුවල නිරත වේ. ලැබීමට ඇති මුදලක් හිමි වේ. ස්ත්‍රීන් සමග හිතවත්කම් වැඩි වේ.

වෘශ්චික

මුදල් අඩුපාඩු

මුදල් සම්බන්ධ අගහිඟතා ඇති වේ. නඩුහබවල පැටලී ඇත්නම් විරුද්ධ පාර්ශ්වයේ තර්ජන එල්ල වේ. නැතහොත් පවුලේ වැඩිහිටි අයකුගෙන් හෝ විරුද්ධවාදිකම් ඇති වේ. දරුවන් සම්බන්ධයෙන් කරදරකාරී බවක් ඇති කරයි. වැරදි අවබෝධය හේතුවෙන් පවුල් ජීවිතයේ ගැටලු මතු කළ හැක.

ධනු


නිෂ්ඵල වියදම්

නිෂ්ඵල ගමන් යෙදේ. ඒ් හේතුවෙන් වියදම් පක්ෂය ඉහල යයි. කරගෙන යන කටයුතුවල අවුල් වියවුල් තත්ත්වයක් ඇති වේ. රැකීරක්ෂා කටයුතුවල යෙදීමේ දී උදාසීන ගති මතු කරයි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන්නේ නැත. සිතට සැකයක් පහල වේ. ශුභ කටයුතුවලට අත ගැසීමට සුදුසු දිනයක් නොවේ.

මකර

විනෝදයෙන් ගත කරයි

ආදායම් තත්ත්වය ශුභදායකයි. සැප පහසුව ඇති වේ. විනෝදජනක අවස්ථාවන්ට සහභාගි වේ. ස්ත්‍රීන් සමග ඇති සබඳතා වර්ධනය වේ. වාද විවාදවලට යොමු වී ජයග්‍රහණ ලබා ගනී. අසරණයන්ට පිහිට වීමෙන් සිතේ සතුට ඇති කරයි. කරගෙන යන කටයුතුවල දියුණුවක් ඇති වේ. ශරීර සෞඛ්‍යය යහපත්ය.

කුම්භ

අදහස් ඉටු වේ

ජයග්‍රහණ අත්පත් වේ. සුළු සුළු වස්තු ලාභ හිමියි. සිතේ ඇති අදහස් ඉටුකර ගැනීමට මග පෑදේ. මහන්සි වී වැඩකටයුතු කිරීමට සිදු වේ. ප්‍රණීත ආහාරපාන ලැබේ. සේවකයකු හෝ අසල්වැසි අයකුගෙන් උදව් උපකාරයක් ලැබේ. පවුල් ජීවිතය සාර්ථක අන්දමට ගෙන යයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගනී.

මීන

කටයුතුවලට බාධා

අධික ලෙස මුදල් වියදම් වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාවලින් පාඩු සිදු වේ. කරගෙන යන කටයුතුවලට අවහිරතා ඇති කරයි. සැමියා හා බිරිඳ අතර මත ගැටුම්වලට ඉඩ පවතී. විවාහ යෝජනා ස්ථිර වීම කල් යයි. රක්තවාත රෝග උත්සන්න විය හැක.