brand logo

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙතින් ශක්තිමත් හා නිරෝගී ශ්‍රී ලංකාවක් උදෙසා

22 May 2021

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඖෂධ භාණ්ඩ ආනයන සමාගමක් වන 'ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්' (George Steuart Health) එහි ප්‍රථම අනුබද්ධ ආයතනය ලෙස GS Sports ආරම්භ කර තිබේ. ශරීර සුවතාව හා ක්‍රීඩා ඔස්සේ වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජනතාව හුරුකරවීම ඉලක්ක කරගත් GS Sports හඳුන්වා දීම, පසුගියදා අංක 445A, ගාලු පාර කොළඹ 03 යන ස්ථානයේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා, ජාත්‍යන්තර පදක්කම්ලාභී කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජන්, දිනූ පෙරේරා, ප්‍රියන්ත ඒකනායක, වෛද්‍ය සීවලී ජයවික්‍රම, අරවින්ද ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වූහ. GS Sports ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 03 ස්ථානයේ පවත්වාගෙන යනු ඇති අතර, තවත් ශාඛාවක් ළඟදීම මාදිවෙල ප්‍රදේශයේ විවෘත වීමට නියමිත ය. ක්‍රීඩා හා ශරීර සුවතාව සම්බන්ධයෙන් ආධුනිකයන්ගේ සිට වෘත්තිකයන් දක්වා ඕනෑම කෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩ රාශියක් මෙම ප්‍රදර්ශනාගාරවලදී මිලදී ගැනීමට හැකිවනු ඇත. ව්‍යායාම, ශරීර සුවතාව, බර එසවීම සහ කාය වර්ධනය ආදිය සඳහා අවශ්‍ය භාණ්ඩ සහ ක්‍රීඩා ඖෂධ ඇතුළු බොහෝ දේ මෙම ප්‍රදර්ශනය වෙතින් මිලදී ගැනීමට හැකි වේ. එමෙන්ම සියලුම ක්‍රීඩා හා ශරීර සුවතා උපකරණ සඳහා පරිපූර්ණ හා විශ්වාසදායී අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමටද GS Sports ආයතනය සූදානමින් සිටී. GS Sports ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ සභාපති දිලිත් ජයවීර මහතා මෙසේ පැවසී ය. "වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ උත්සාහය දිරිගැන්වීමේ පියවරක් ලෙස GS Sports ආරම්භ කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් ආඩම්බර වනවා. පවතින COVID-19 රෝග ව්‍යාප්තිය නිසා බොහෝ දෙනෙකුට නිවෙස්වලට වී, ව්‍යායාමයකින් තොරව, අලස ජීවන රටාවකට කොටු වී සිටීමට සිදුව තිබෙන බව රහසක් නොවෙයි. මෙය කායික සුවතාවට මෙන්ම මානසික සුවතාවටද බලපාන දෙයක්. මෙවැනි පසුබිමක් තුළ ව්‍යායාම ඔස්සේ කායික හා මානසික සුවතාව ළඟා කරගැනීමට කොයිකාටත් අවස්ථාව ලබාදීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මේ ආකාරයට ශරීර සෞඛ්‍යය නංවාලීමට දායක වීම ඔස්සේ, අද අප 'New Normal' ලෙස හඳුන්වන ජීවන රටාව සැබෑ පරිවර්තනයකට ලක්කිරීමට GS Sports සමත් වේවි. ඒ වගේම එය ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමට මනා පදනමක් සපයා දේවි කියා මා සිතනවා."
 

More News..