brand logo

14 වැනිදා  රට ඇරියත් සීමා රැසක් ක්‍රියාත්මකයි

11 June 2021

 රට විවෘත කරන්න ගත්තු තීරණේ නොකියපු කතාටික අද 

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එළැඹෙන සඳුදා (14 වැනිදා) සිට රට යළි විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය තීරණය කර ඇත. ජනාධිපති කාර්යාලයේ ඊයේ (10 වැනිදා) මෙම රැස්වීම පැවැත් විණි. [caption id="attachment_150554" align="alignnone" width="563"] පළාත් අතර සංචරණ සීමා දිගටම[/caption]

පළාත් සංචරණ සීමා දිගටම - මංගල උත්සව-සාද බැහැ

රට විවෘත වුවද පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. විවාහ මංගලෝත්සව, සාද තවදුරටත් තහනම් අතර රාජ්‍ය ආයතන සඳහා අත්‍යවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමටද මෙහි දී තීරණය කරන ලදී.

සියලු නිර්දේශ ඇතුළුත් තොරතුරු අද (11 වැනිදා) දින සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පොලිසිය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

[caption id="attachment_150556" align="alignnone" width="677"] සීමා රැසක් ක්‍රියාත්මකයි...[/caption]
එන්නත්කරණය පිළිබඳව ජාතික තොරතුරු තාක්ෂණායතනය සකස් කළ යෙදවුම භාවිතා කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. උදයජීව ඒකනායක
 

More News..