Uncategorized

සැන්ටෝරිනි (Santorini) : ග්‍රීසියේ සුන්දරත්වය මීගමුවට…

ශ්‍රී ලංකාවේ ප්‍රථම THEME PARK STYLE නිවාස සංකීර්ණය වන Santorini Resort Apartments & Residencies හඳුන්වා දෙමින් Homelands Skyline ආයතනය නැවතත් මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කිරීමට සමත් වේ.
සුදු පැහැයෙන් දිදුලන බිත්ති සහ විචිත්‍ර වූ නීල පැහැයන් මෙන්ම එහි අද්විතීය වූ ගෘහ නිර්මාණ ශිල්පය හේතුවෙන් ලොව සුපතළ ග්‍රීසියේ සැන්ටෝරිනි දිවයින ලංකාවේ ප්‍රතිනිර්මාණය කරමින් මෙම සුවිශේෂී නිවාස සංකීර්ණය ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම THEME PARK STYLE නිවාස සංකීර්ණ සංකල්පය සමඟ සැන්ටෝරිනි හි විචිත්‍රවත් ගෘහ නිර්මාණකරණය සංකලනය කරමින් මෙම සුවිශේෂී නිවාස සංකීර්ණය Homelands Skyline ආයතනය විසින් මීගමුවේ දී ඉතා සාඩම්බරයෙන් හඳුන්වා දෙනු ලබයි.
නගරයට ආසන්න අක්කර 17කින් යුතු ඉතා අගනා භූමි භාගයක මෙම ව්‍යාපෘතිය ඉදි කෙරෙනු ඇත. මෙම නව නිවාස සංකීර්ණය මීගමුව බේස්ලයින් මාර්ගයට මුහුණ ලා පිහිටන අතර සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ඉදි කෙරෙන තනි නිවාස සහ නිවාස සංකීර්ණ (Apartments) ඒකක 384 කින්, අලංකාර තේමා උද්‍යාන 9 කින්, මෙන්ම Homelands Skyline විසින් සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනැමෙන සුවිශේෂී සේවාවන් රැසක් සැපයෙන පහසුකම් සංකීර්ණ 50 කට අධික ප්‍රමාණයකින් ද සමන්විත වනු ඇත‍. මෙම ව්‍යාපෘතිය එහි නිවැසියන්ගේ සතුට, විනෝදය, සුවපහසුව, සුඛෝපභෝගීත්වය මෙන්ම ආරක්ෂාව ද හොඳින් සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර තිබෙන අතර ඉතා හොඳ ආයෝජන අවස්ථාවක්.එමෙන්ම මෙම සංකීර්ණය ප්‍රධාන පෙළේ පාසල්, රෝහල්, සුපිරි වෙළෙඳසල් සහ කාර්යාල වැනි වැදගත් ස්ථාන රාශියකට පහසුවෙන් පිවිසිය හැකි සංවර්ධිත ප්‍රදේශයක පිහිටා තිබේ.

Santorini Resort Apartments & Residencies නිවාස සංකීර්ණය කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුමට මිනිත්තු 7ක් වැනි සුළු කාලයකින් පිවිසිය හැකි ස්ථානයක පිහිටා ඇති අතර ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියල්ල ඒ ආසන්නයේම පිහිටා තිබේ. එමෙන්ම මීගමුව නගරයට මිනිත්තු 5කින්, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට මිනිත්තු 7 කින්, කටුනායක මාර්ගයට මිනිත්තු 10කින්, මෙන්ම කොළඹ නගර සීමාවට මිනිත්තු 20කින් ළඟා වීමේ පහසුව එහි ගනුදෙනුකරුවන්ට හිමි වනු ඇත.