brand logo

13 සංශෝධනය ගැන මොදිගෙන් ඉල්ලීමක්

28 September 2020

ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇත. නායකයන් දෙදෙනා අතර පසුගිය සෙනසුරාදා (26 වැනිදා) පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඉන්දීය නායකයා මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේ දැක්වේ. ‘එක්සත් ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන​ ලෙස අගමැති මෝදි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට වැදගත් වේ.’ ඉන්දීය අගමැතිවරයාගේ මෙම ඉල්ලීමට පිළිතුරු වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ ‘ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලද ජනවරමට අනුව ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම සහ ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජනතාව ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවය. නයන තරංග ගමගේ
 

More News..