brand logo

13 වැනිදා ජනාධිපතිගේ වැය ශීර්ෂය පුලුවන්නම් පරාජය කරලා පෙන්වන්න

11 March 2019

විපක්ෂය විසින් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර පරාජයට පත්කරන බවත් එලෙස අයවැය පරාජය කරනු ලබන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එලෙස අයවැය පරාජය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යාමට බව ඔහු ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කර සිටියේ 13 වැනිදා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න එජාපයේ පසුපෙල කට්ටිය බලාගෙන ඉන්නවා. අපි කියනවා පුලුවන් නම් පරාජය කරලා පෙන්වන්න කියලා. වික්‍රමසිංහ මහත්තයා සාමන්‍යයෙන් අනින ටොක්ක වෙනුවට පොල් ටොකු දෙකක් අනලා පැත්තකට වෙලා ඉන්න කිව්වාම අත ඔසවලා ඇවිත් ඊළග දවසේ කියනවා වැරදීමක් වුනා කියයි. අපි අයවැය පරාජය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න නෙවෙයි. ඡන්දයකට යන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ආයෙත් අගමැති කරන්නේ ඡන්දයකින් විතරයි.“ යනුවෙනි.
 

More News..