brand logo

බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාවට දායාද කළ දේ අපේ රටේ 8දෙනෙක් යකඩ වලට ගනී

28 December 2018

දෙවන ලෝක යුධ සමයට පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විශ්මිත නිර්මාණයක් ලෙස ලංකාවට දායාද වු ත‍්‍රිකුණාමලය චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි කිහිපයක් යකඩ වලට විකීණීමට කැපු අට දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කපා දමා ඇති මෙම තෙල් ටැංකි ලංකා ඉන්දීය තෙල් සමාගම් පරිශ‍්‍රයට අයත් කොටසෙහි පිහිටා ඇති අතර එම සමාගමේ ආරක්ෂක අංශය කල පැමිණිල්ලකට අනුව විමර්ශණයක් සිදුකර මෙම සැකකරුවන් ටැංකි වලින් කපා ගන්නා ලද තහඩු තොගයක්ද සමග අත් අඩංගුවට ගත් බව චීනවරාය පොලිසිය කියයි. මෙම තෙල් ටැංකි පරිශ‍්‍රයේ කැලෑවට වැසි ඇති කොටසින් ඇතුලූ වු යකඩ කපන්නන් මෙම විනාශය කර ඇති බව මුලික පරික්ෂණ වලින් හෙලිවි තිබේ. කලක සිට යකඩ හොරුන් විසින් මෙම පර්යන්තයේ පිහිටි තෙල් ටැංකි වල යකඩ කපා ගෙන ගොස් ඇති අතර මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ටැංකි දෙකක් කපා එහි යකඩ තහඩු ඉවත් කර ගෙන ගොස් තිබේ. ලංකා ඉන්දීය සමාගම චීනවරාය පොලිසියට කර ඇති පැමිණිල්ල අනුව මෙම ටැංකි වලට සිදු කර ඇති හානිය ලක්ෂ 90 ක් බවට දැනුම් දී තිබේ. ත‍්‍රිකුණාමලය වරායට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා එවකට ලංකාව යටත් කරගෙන සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයන් 1924 දී මෙම තෙල් ටැංකි 101 න් සමන්විත මෙම සංකීර්ණයෙහි ඉදිකිරිම් අරඹා ඇති අතර 1930 දී වැඩ අවසන් කර තිබුණි. මෙම ටැංකි අගල් දෙක හමාරක යකඩ තහඩු රිවට් ඇණ වලින් සවිකර ඉදිකර තිබු විශ්මිත නිර්මාණයක් ලෙස සැලකේ. අක්කර 685 ක වපසරියක් තුල විහිදි ඇති තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ගබඩා කල හැකි ටැංකි වැඩි කොටසක් කැලයෙන් යටව තිබේ.   ලක්මාල් කේ බදුගෙ
 

More News..