brand logo

119 ට බොරු කියූ කත අත්අඩංගුවට

30 September 2020

පොලිස් 119 හදිස්සි ඇමතුම් අංශයට අසත්‍ය තොරතුරක් ලබාදුන් කාන්තාවක් අද දින( 30) අත්අඩංගුවට ගෙන ඇත. පොල්ගහවෙල පොලිසිය අදාල අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ජූලි මස 20 දින පොල්ගහවෙල කහවත්ත ඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යමක් සම්බන්ධව මෙම අත්අඩංගුවට පත් කාන්තාව 119 පොලිස් හදිස්සි ඇමතුම් අංශයට පවසා ඇත. මියගොස් ඇති පුද්ගලයාගේ පුතා විසින් එම මරණය ගෙල සිර කර මරා ඇති බවට තොරතුරු සපයා ඇත. එම තොරතුරු මත පොලිසිය විසින් අධිකරණ නියෝග මත නැවත කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මරණ පරීක්ෂණය සිදුකර ඇත. කරන ලද පරීක්ෂණයෙන් අනතුරුව එම මරණය ස්වභාවික මරණයක් බවට තොරතුරු සොයාගෙන ඇත. අසත්‍ය තොරතුර ලබාදුන් දුරකථන අංකය ඔස්සේ කරන ලද පරීක්ෂණ වලින් පොල්ගහවෙල ප්‍රදේශයේ 42හැවිරිදි සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අදාල කාන්තාව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..