brand logo

11 වැනිදා ජනාධිපතිවරයා තීරණාත්මක තීන්දුවක් ගන්න යයි

06 June 2021

දැන් රට විවෘත කළහොත් ඇතිවිය හැකි බරපතල තත්ත්වයක් ගැන වෛද්‍යවරු අනතුරු අඟවයි

කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ. සංචරණ සීමා පැනවීම තුළින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය තුළ රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. [caption id="attachment_149359" align="alignnone" width="522"] විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න[/caption] දැනට පනවා ඇති සංචරණ සීමා ලබන (14 වැනිදා) සඳුදා අවසන් වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවයි. පවතින තත්ත්වය පරීක්ෂණය කර ලබන සිකුරාදා (11 වැනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. උදයජීව ඒකනායක
 

More News..