brand logo

සඳුදා අනිවාර්යයෙන්ම ඇඳිරි නීතිය ඉවත් කරනවා

07 November 2020

බස්නාහිර පළාතට එළඹෙන සදුදා (9වැනිදා) අනිවාර්යයෙන්ම ඇදිරි නීතිය ඉවත් කරන බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. සදුදා දින බස්නාහිර පළාතට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරනවාද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය. ඇදිරි නීතිය ඉවත් කළ ද සෑම කෙනෙකුම ඉතාමත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව තෙන්නකෝන් මහතා සදහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පැහැදිලි උපදෙස් මාලාවක් දී ඇති බැවින් ඊට අනුගත වෙමින් සියලුදෙනා ක්‍රියාකළ යුතු බවත්, එලෙස ක්‍රියාකළොත් සමාජයෙන් හැකි ඉක්මනින් මෙම වෛරසය තුරන් කර ගත හැකි වනු ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසයි.
 

More News..