brand logo

හෙට සිට මගී ප්‍රවාහන බස් රථවල සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි වෙයි

04 October 2020

  හෙට සිට සියළුම මගී ප්‍රවාහන බස් රථවල සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන බව පැවසෙනවා. මේ බව බස් රථ ප්‍රවාහන සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි මගීන් බස් රථවල ගමන් කළ යුතු වනවා. එමෙන්ම මුව ආවරණ පැළදීම අනිවාර්ය බවයි ඔහු සඳහන් කරන්නේ. තවද දුම්රිය ස්ථාන වෙත පිවිසීමේදී ද පෙර දැනුවත් කළ පරිදි අත් සෝදා මුව ආවරණ පැළඳ පැමිණිය යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව ද අවධාරණය කරනු ලැබුවා.
 

More News..