brand logo

1 ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම ඇණහිටිලා

20 November 2020

2020 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කෙරුණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම මුළුමනින්ම ඇණහිට ඇති බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මධ්‍යම පළාත් සම්බන්ධීකාරක මහේෂ් සංකප්‍රිය මහතා සදහන් කළේ 1 වසර සිසුන් වසරේ පළමු මාස දෙකට පමණක් ගැටළුවක් නොමැතිව පාසලට පැමිණි බවයි. මේ හේතුවෙන් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම ඇණ හිට ඇති අතර, පළමු වසරේ දරුවන්ට ඉගැන්වීමේ ක්‍රමය දෙමාපියන්ට සිදුකළ නොහැකි බව ද ඒ මහතා සදහන් කරයි. එම දරුවන් වෙනුවෙන් රජය විසින් ගන්නා තීරණය සහ රජයේ ස්ථාවරය පිළිබදව ශ්‍රී ලංකා රජයේ ගුරුවන්‌ගේ සංගමය ප්‍රශ්න කරය සිටියි.
 

More News..