brand logo

1 වැනිදා සිට හැමෝම වැඩට යන්න ලෑස්ති වෙන්න

28 September 2021

රාජ්‍ය නම් 9ට පෞද්ගලික නම් 10ට - බස්, කෝච්චි ලෑස්තියි

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු සියලුම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත. මේ අතර පෞද්ගලික අංශයේ සේවකයන්ද ලබන මස පළවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට ද රජය තීරණය කර තිබේ. පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයටත්, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයටත් කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වේ. රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින්ට රාජකාරි සඳහා පැමිණීමට දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට තීරණය කර ඇත. රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම වෙනුවෙන් විශේෂ චක්‍රලේකයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ(27) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව තීරණය කර ඇති අතර කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රවාහන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ,පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද බස් සංගම්, ත්‍රීරෝද සංගම් ඇතුළු සංගම් වල නියෝජිත පිරිසක් ද ඊට සහභාගි විය.
 

More News..