brand logo

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

04 August 2019

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 339,367ක් වන අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පරිශ්‍රයන්ට ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩලය ඇතුළුව අවසර නොලත් කිසිදු පුද්ගලයකුට ඇතුළු වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය. එම කාලය තුළ විදුහල්පති කාර්යාලය වසා තැබිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ සඳහන් කළේය.
 

More News..