brand logo

01 වෙනිදා සිට සතියක් ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලයි

29 January 2019

ලබන පළමු වනදා සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 71 වන ජාතික දිනය වෙනුවෙන් සියලුම නිවෙස්වල, වෙළඳ ව්‍යාපාරික ස්ථානවල රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථවාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙසය. 71 වන ජාතික දින උළෙල ලබන 4 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ජාතික දිනය වෙනුවෙන් වු පෙරහුරු හේතුවෙන් අනිද්දා (31) වන දින සිට ගාලු මුවදොර අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
 

More News..