brand logo

01 වැනිදා රට විවෘත කරනවා - සුව ඇමැති කියයි

25 September 2021

සීමාවන් කීපයකට යටත්ව ඇදිරිනීතිය ඉවත් කරයි

දැනට පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කොට සීමාවන්ට යටත්ව ලබන මස 01 වැනිදා සිට රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට අද( 25) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහාන් කළේය. කොවිඩ් වෛරසය රට තුළ පැතියාමේ අවධානම මේ වන විට පලනය වී ඇති බව සංඛ්‍යාලේඛන වලින් අනාවරණය වී ඇතැයි කී හෙතෙම කොවිඩ් එනන්ත ලබා දීමේ සාර්ථකත්වය මීට හේතුවී ඇති බව අවධාරණය කළේය. ඉදිරිදින කීපය තුළදී රට විවෘත කීරීම ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් ඉන් ගන්නා තීරණ අනුව සීමා කීපයකට යටත්ව රට විවෘත කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
 

More News..