brand logo

‍‍2020දී උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කරනවා

16 April 2019

2020 මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කර ඉන් අපේක්ෂිත මෙගාවොට් 120ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න අපට හැකිවේවි " යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරික්ෂණය කිරීම සඳහා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත උත්පාදන ධාරිතාව මෙගාවොට් 120 කි. ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 5.29ක් හා රුපියල් බිලියන 06කි. ඉරාන රජය, ඉරාන අපනයන සංවර්ධන බැංකුව (Export Development Bank of Iran) මගින් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක්, ණය මුදලක් ලෙස සපයයි. 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කළ නමුත්, යම් යම් හේතූන් මත ප්‍රමාදවූ උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතිය, වර්තමාන විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ලබන වසරේ අප්‍රේල් - අගෝස්තු යන කාලසීමාව තුලදි නිම කෙරෙනු ඇත.
 

More News..