brand logo

‍රෝ ඔත්තුකරුවන් හයදහසක් රට පුරා

12 May 2019

විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක ඉන්දියානු රෝ ඔත්තු සේවාවට අයත් ඔත්තුකරුවන් හයදහසක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට බුද්ධි අංශ මගින් කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. බහුජාතික සමාගම් ලෙසින් මෙරට Wවෙ‍‍‍‍‍‍‍ළෙඳපොළ බලය ඇල්ලීම පිළිබඳ තොරතුරු සෙවීමත් ඉන්දියාවට එරෙහිව එන බලවේග ගැන තොරතුරු සොයා යාමත් මෙම කණ්ඩායම්වලට පැවරී ඇත. මීට අමතරව පාකිස්තානය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් ලෙසින් දේශපාලන රැකවරණ ලැබෙන තුරු ලංකාවේ රැඳී සිටින පාකිස්තානු අහමදියා කණ්ඩායම්වලින්ද සහාය ලබාගන්නා බවත් ඔවුන් අතරේ ද රෝ ඒජනත්තයන් සිටින බවත් හෙළිවී ඇතැයි බුද්ධි අංශ කියයි. විවිධ කේෂ්ත්‍රවල රැකියාවල නිරත වූවන් මෙන්ම මෙරටදී විවාහ වී දරුවන් හා සිටින අය ගැනද හඳුනාගෙන ඇති බවද බුද්ධි අංශ පෙන්වා දෙයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..