brand logo

‌හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

08 January 2020

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.25 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (08) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය. කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි රේන්දගේ ලක්ෂ්මන් ප්‍රනාන්දු නමැත්තෙකුට මෙසේ දඬුවම් නියම විය. 2010 වසරේ ජුනි මස 22 වැනිදා බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව නිගමනය කළේය. ඉන් අනතුරුව විත්තිකරුට මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී. (අධිකරණ වාර්තාකරු)
 

More News..