brand logo

‌මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට

30 September 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු පිළිබදව වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම ආසාදිතයින්ගෙන් සිව්දෙනෙකු ඕමානයේ සිට පැමිණි අය වන අතර, අනෙක් ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දිට පැමිණි අයෙක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 3,379ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන්ගෙන් 136දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයින් 3,230දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
 

More News..