brand logo

‌ගෝඨාභය වැඩි ඡන්ද ලක්ෂ දහතුනකින් ජනපතිධූරය ජයගනී

17 November 2019

හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා වු පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද හැට නව ලක්ෂ විසිහතර දහස් දෙසිය පනස්පහක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වී තිබේ. මෙවර ජනපතිවරණය සදහා වූ ඡන්ද විමසීම ඊයේ(16) දිනයේ පැවත්වු අතර ඒ සඳහා එක් කෝටි පනස් නව ලක්ෂ අනූදෙදහස් අනූ හයක් සුදුසුකම් ලබා තිබුණි. ඉන් එක් කෝටි තිස් තුන් ලක්ෂ අසූහත් දහස් නවසිය පනස්එක් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළේය. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් එක්ලක්ෂ තිස්පන්දහස් හාරසිය පනස්දෙකක් ප්‍රතික්ෂේප වී වී තිබේ. වලංගු ඡන්ද සංඛ්‍යාව එක් කෝටි තිස් දෙලක්ෂ පනස් දෙදහස් හාරසිය අනූනවයකි. ‍ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද හැට නව ලක්ෂ විසිහතර දහස් දෙසිය පනස්පහක් ලබා ගත් අතර, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද පනස් පන් ලක්ෂ හැට හතරදාස් දෙසිය තිස් නවයක් ලබාගත්තේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද දහතුන් ලක්ෂ හැට දහස් දහසයක් ලබාගැනීමට සමත් විය.
 

More News..