brand logo

‌කොදෙව්වන් පරදා ඉන්දියාව ලකුණු 125කින් තරගය ජය ගනී

28 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත තරගය ලකුණු 125කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 268ක් රැස්කර ගත්තේය. එහිදී නායක විරාට් කෝලි ලකුණු 72ක් රැස්කර ගත් අතර, එම්.එස්. දෝනි නොදැවී ලකුණු 56ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 143ක් පමණීයි. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් ඉදිරියට යෑමට කොදෙව් කණ්ඩායමට හැකියාවක් නැත. ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්විය.
 

More News..