brand logo

​මේ රට රනිල්ගෙන් වැඩ අරගෙන නෑ

24 February 2019

ඔබ ‘‘රනිල් පමණක් සරණං ගච්ඡාමි’’ කියන මතයේ සිටි කෙනෙක්. තවමත් එහෙමද? එජාපය අලුත් විය යුතු බව ඔබට හිතෙන්නෙ නැද්ද? ඔබේ ඒ අර්ථ දැක්වීම එච්චරම නිවැරදි නැහැ. 80 දශකයේ මම සරසවි ශිෂ්‍යයෙක්ව ඉන්න කාලෙ එතුමා අධ්‍යාපන ඇමැති. ඒ කාලෙ ඇති වූ බැඳීමයි තාම තියෙන්නේ. වසර 24ක් එජාපය වගේම මේ රටත් ජනතාවත් රකින්න ඔහු ලොකු කාර්යභාරයක් කළා. ඒත් මේ රට රනිල්ගෙන් තාම හරියට වැඩ අරන් නැහැ. මොකද ඔහුට මේ රට වෙනුවෙන් තව කළ හැකි වැඩ බොහෝයි. ලෝකය හා බද්ධ වෙලා මේ රට ඔසවා තැබිය හැකි අනාගත දැක්මක් සහිත එකම නායකයා ඔහු පමණයි. වසර 30-40ක් පුරා වැඩුණු ‘රනිල් වෘක්ෂයේ’ සෙවණ දැන් මේ රටට අත්‍යවශ්‍යයි. ඔබ කියන ‘‘රනිල් වෘක්ෂය’’ ජනපතිවරණ දෙකක් පරාදයි. ජනපතිවරණ 02 මග හැරියා. රනිල්ට ඔබ කැමැති වුණාට ජනතාව කැමැති නැහැ නේද? ඒ තුළ එජාපයට යම් වෙනසක් අවශ්‍ය නැද්ද? 1999 ජනපතිවරණ අන්තිම දින තුනේදී කොටි බෝම්බයෙන් චන්ද්‍රිකා මැතිනියගෙ ඇසක් අහිමිවීම හා 2005දී රාජපක්ෂවරු කොටින්ට සල්ලි දීලා දෙමළ ඡන්ද වැළැක්වීම නිසයි එතුමා පසුබෑවේ. නැත්නම් රනිල් මේ රටේ නායකයා වෙලා හුඟක් කල්. එජාපයේ හා රටේ අසීරුම යුගයේදී ඒ දෙකම රැකපු නායකයා රනිලුයි. ඒ නිසා නායකයා ‘‘පීක්’’ එකේ ඉන්න වෙලාවක එජාපයට වෙනසක් ඕන වෙන්නෙ නෑ. අනික ඉතිහාසයේ වැඩිම මනාප අරන් වාර්තාව තියල තියෙන්නෙත් රනිල් නිසා ඔහුට ජනතාව කැමැති නෑ කියන ඔබේ තර්කය නිෂ්ප්‍රභ වෙනවා. මෙවර එජාප ජනපති අ​පේක්ෂක රනිල්’’ නිසා ඔහු වටා පෙළ ගැහෙන්න කියල නේද ඔබ මේ කියන්නෙ? අපේක්ෂකයෙක් ගැන කතාවක් මෙතැන නෑ. ඒක වෙලාවට අපි කියන්නම්. මේ රටේ සමහර නායකයො හා රණවිරුවන් ජාත්‍යන්තර දංගෙඩියෙන් බේරුවෙත් රනිලුයි. ඒ නිසා අද කැමරා ඉස්සරහ කෑගහන බොහෝ දෙනකුට වඩා රනිල් මේ රට රැකල තියෙනවා. එජාප ප්‍රමුඛ කඳවුර විසින් ජනපති කළ කෙනා ආණ්ඩුවේ නායකයා ලෙස ක්‍රියා කළ යුතු වුවත් අද ඔහු රජයේ ඇමැතිකම් දරමින්ම විපක්ෂයේ නායකයාටත් එහා ගොස් කරන දේශපාලනයට ඔබ එකඟද? ඔක්තෝබර් 26 කරපු ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට අධිකරණය දෙවරක් පිළිතුරු දුන්නා. ජනතාව වීදි බැහැල ගෝල්​ෆේස් පුරවල රට පුරා උද්ඝෝෂණ තියලත් උත්තර දුන්නා. ඊළඟ ඡන්දවලදිත් ඒකට උත්තර ලැබේවි. දින 52ක් රට අක්‍රිය කරල රුපියල් කෝටි දහස් ගණනක් රටට අහිමි වීම සුළු පටු දෙයක් නෙවෙයි. ඔක්තෝබර් 26 කළේ මහා වැරැද්දක් නම් ඊට එරෙහි ක්‍රියා මාර්ග නොගන්නෙ ඇයි. ඒ දින 52 තුළ තිබූ එඩිතර බව අද මේ ආණ්ඩුවට නැත්තේ ඇයි? එජාපය කියන්නෙ නටන දඟලන මාධ්‍ය සංදර්ශන කරන පිරිසක් නෙවෙයි. මුළු ජනමාධ්‍යම එදා හොර ආණ්ඩුවට ආවඩන වෙලාවෙ අපි ඒක අනික් පැත්තට හරවල පෙන්නුවා. අපි නීතිගරුකව ප්‍රජාතන්ත්‍රවාදීවයි හැමදේම කරන්නේ. දැන් අපි ඒ දින 52 කාලෙ වගේ එඩිතර නෑ කියල ඔබ කිව්වනෙ. ඔහොම යං. අපේ හැකියාව හා එඩිතරකම් පෙන්වන්න ඕන වෙලාවට අපි පෙන්වන්නම්. දින 52 කුමන්ත්‍රණයට අදාළ නඩුව අහන්න අපි ජනතා අධිකරණයට පවරනවා. ඊළඟ මැතිවරණයේදී සියලු වැරදිකරුවන්ට ජනතාව නිසි දඬුවම් දේවි. අපට දඟලන්න දෙයක් නෑ. ජනපති දෙවරක් ව්‍යවස්ථාව කඩපු බවට චෝදනා තිබියදී තමන්ට ව්‍යවස්ථාවෙන් අයිති නැති ඇමැති ධුර හා ටෙලිකොම් ඇතුළු ආයතන රැසක් තමන් භාරයේ තබා ගැනීමට ජනපති ක්‍රියාකිරීම ගැනත් ආණ්ඩුව නිහඬ ඇයි? මේ මාස කීපයකට ඇමැතිකමකට ආයතන කීපකට ගහගන්න තරම් එජාපය ළඳ බොළඳ නෑ. මේ ගැන පියවරක් ගන්න ව්‍යවස්ථාවෙන් බලය තියෙන්නෙ අගමැතිතුමාටයි. එතුමා ක්‍රියාත්මක වන අවස්ථාව කොතැනද එහි අධිකරණ ජයපැරදුම ඇතිවන්නේ එතැනදීයි. අපි දැනට ඔහොම යංකෝ. ව්‍යවස්ථාව හා දේශපාලන කාරණා මෙතැනදී ගැටිලා තියෙන නිසා මම ඒ ගැන මීට වඩා කතා කරන්න යන්නෙ නෑ. ආණ්ඩුව අද දියාරු වී ඇත්තේ ජනපති එක්ක ඩීල් දාන ඇමැතිවරු නිසා බවට ආණ්ඩුව තුළම පවතින දැඩි මතවාදය ගැන ඔබ මොකද කියන්නෙ? ව්‍යවස්ථාව අනුව ජනපති එක්ක ක්‍රියා කරන්න ඇමැතිවරු බැඳිල ඉන්නවා. ඒත් ඒ සීමාව පැනල වෙනත් ඩීල් හෝ සෙල්ලම් කරන්න ඇමැතිවරු බැඳිලත් නැහැ වගේම ඒ සඳහා ඔවුන්ට සදාචාරාත්මක අයිතියකුත් නැහැ. මොකද ජනාධිපතිතුමා වෙනත් පක්ෂයක් වෙනුවෙන් වැඩ කරන වෙනම දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන කෙනෙක්. ඒ නිසා අපේ පක්ෂ නායකයා අබිබවා හෝ එතුමා දැනුවත් කරලා වුණත් සූක්ෂ්මව සමහර ඇමැතිවරු ජනපති එක්ක සීමාව ඉක්මවා ඔබ කියන ‘‘ඩීල්’’ වල ඉන්නව නම් ඒක දේශපාලනිකව එජාපයට විශාල අවාසි ගේන දෙයක් බව සියලු දෙනා තේරුම් ගන්න ඕන. මොකද මේක මැතිවරණ වසරක්. එජාප නායකයාගෙ උපදෙස් මතයි මම ක්‍රියා කරන්නෙ. අනිත් ඇමැතිවරුන්ටත් ඒක අදාළයි. මේ ජනපති පොහොට්ටුව සමග හෝ තනිවම ඊළඟ ජනපතිවරණයට එජාපයට එරෙහිව තරග කළොත් මොකද වෙන්නෙ? එතුමා එහෙම ආවොත් අපට විශාල සදාචාරාත්මක ගැටලුවක් ඇතිවෙනවා. මොකද එතුමා අපි පත් කරපු අපේ ජනාධිපතියි. ඒ නිසා එතුමා එහෙම ක්‍රියා නොකරාවි කියල අපි හිතනවා. මොකද එකපතේ කාපු අපට වෙන වැඩ කරන්න අමාරුයි. එතුමාට එදා සෞඛ්‍ය ඇමැතිකම හරියට කරන්න ඉඩ නොදී වෙනත් පාර්ශ්ව ඉදිරියේ හෑල්ලු කළාය. මොරගහකන්දට මුදල්දීම බ්ලොක් කළාය. අගමැතිකම දුන්නෙ නැතය, අඩි 06ක් පස් යටට යවන්න හැදුවය ආදී සියලු කතා කිව්වෙ ජනපතිතුමාම මිසක් වෙන කවුරුවත් නෙවෙයි. එතුමා ජනපති කරවල විශාල සංවර්ධනයක් රටට ඇති කරන්න පොළොන්නරුව දිසාවට මේ තරම් සේවයක් කරන්න පසුබිම හදල දුන්නෙ එජාපෙ අපි බව එතුමා අමතක කරාවි කියල අපි හිතන්නෙ නෑ. ඉදිරි ජනපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයො 3-4ක් ඉදිරිපත් වේවි කියලයි මට හිතෙන්නෙ. මොකද එතැන අද කල්ලි කීපයක් රණ්ඩු කරන කැඳ හැළියක්. ඔබ අගමැති රනිල්ට කොච්චර කඩේ ගියත් ඔබට හොඳ ඇමැතිකමක් නොදුන්නෙ ඇයි? ඔබ ඇතුළු සමහරුන්ට නොයෙක් විග්‍රහ තියෙන්න පුළුවන්. ඒත් ගාලු දිසාවට හා රටට වැඩ කරන්න මට ඕනෑතරම් ඉඩකඩ තිබුණා. මම ඒ හරහා උපරිම සේවයක් කළා. ඔබ මොනවද ගාලු දිසාවට හා රටට කළේ. මිනිස්සුන්ට නම් එහෙම දෙයක් පේන්නත් නෑ. දැනිලත් නෑ. ? 2001 එජාප ආණ්ඩුවේ මම රාජ්‍ය පරිපාලන ඇමැති. මමයි මහාමාර්ග ඇමැති මාරපනයි සති 02කට වරක් රැස්වීම් තියල ප්ලෑන් හදල, ඉඩම් පවරගෙන, වන්දි ගෙවල, සල්ලිත් හොයාගෙන මුල් ගලත් තියල දකුණු අධිවේගය කරගෙන යනකොටයි 2004 දි අපේ රජය පෙරළුනේ. අපි තියපු ‘‘ඔර්ජිනල් මුල්ගල’’ ගලවල හංගලයි රාජපක්ෂවරු ඔය අධිවේගයට හොර උප්පැන්නයක් හැදුවේ. අපේ මුල්ගල ගලවල හැංගුවට ඒ ඉතිහාසය ජනතා හදවත්වලින් ගලවල දාන්න බෑ. මේ අධිවේගය හදන්න මම මූලික වුණාට පත්තරවල ගියේ ‘‘වජිර ගාල්ල මළ නගරයක්’’ කරන්න යනවා කියලයි. අධිවේගය නිසා ගාල්ල නගරය හුදකලා වේවි කියන ගොං තර්ක එදා මතුවුණේ. මම කරපු එක වැඩක් ඒ මතක් කළේ. 2015 පසුව ඔබ කරපු වැඩ ගැනයි මම මූලිකව ප්‍රශ්න කළේ? ගාල්ල දිස්ත්‍රික්කය හැමදාම කුඩම්මාගෙ සැලකිලි ලබපු ප්‍රදේශයක්. ලක්ෂ 30ක් ජනතාව හා සංචාරකයො ඉන්න දිස්ත්‍රික්කයක් මුල්ලකට දාන්න දෙන්න බෑ. ප්‍රදේශයට විශාල ප්‍රශ්නයක් වෙන ගංවතුර නවත්තන මහා ව්‍යාපෘතිය ළඟදීම පටන් ගන්නවා. ගාලු නගරය සැලසුම්ගත කරල දිස්ත්‍රික්කයේ නිවාස නැති සැමට නිවාස දෙනවා. ගයන්ත ඇමැතිතුමා එක්ක බෙන්තර සංචාරක පුරයක් හදනවා. ගාලු කොටුව ලෝක උරුමයට බාධා වන බව කියමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවිලියන් එකේ උස අඩු කරන බවත් නව ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කරන බවටත් ඔබ ගහපු කයිවාරු කෝ? ඒ ඔක්කොම කරන්න සියල්ල සූදානම්. ආසන 2000ක ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට මුල්ගලක් තියල දැන් වැඩ යනවා. අබලන් ගාලු නගර සභා ශාලාව හා ගාල්ල මහින්ද ඕල්කට් ශාලාව හැර වෙන ශාලා ගාල්ලෙ නෑ. මහින්ද ශාලාව පිට වැඩවලට දෙන්නෙ නෑ. ඒ නිසයි නවීනතම ශාලා සංකීර්ණය හදන්නෙ. නොමිලේ පුහුණුවීම් දෙන ක්‍රීඩා සංකීර්ණය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ළඟදීම වැඩ පටන් ගන්නවා. බෙන්තර වගේම අකුරලත් සංචාරක පුරවර හදනවා. සෞඛ්‍ය අධ්‍යාපන ඇතුළු හැම ක්ෂේත්‍රයකින්ම වසර 25ක් ගාලු ජනතාවට සිදුවූ අසාධාරණය මම නැති කරනවා. ඔබ රටට වැඩ කොටසක් කළත් ඔබ කඩන කොටත් හම්බ කරනවා. හදන කොටත් හම්බ කරනවාය කියන ලේබලයක් ඇලවිලා තියෙන්නෙ ඇයි? මගේ ගැන එහෙම මතවාදයක් නෑ. ඉරිසියාකාර කුහක අය හා ඇතැම් ජනමාධ්‍ය එහෙම මතයක් හදන්න හැදුවට මම කවුද කියල ගාල්ල දිසාවෙ හා රටේ ජනතාව දන්නවා. දේශපාලන කඩසාප්පුකාරයින්ගෙ කතාවලට මම උත්තර දීම අවශ්‍ය නෑ. පළාත් සභා වගකීම් දැන් ඔබ සතුයි. පළාත් සභා 06ක කාලය අවසන්. තව 03ක් මේ වස​රේ නිම වෙනවා. ඡන්ද කල් දමන්නේ බයටද? රාජපක්ෂ යුගයේ සියලු ඡන්ද කළේ යුද්ධය අනුවයි. එක කොටි කඳවුරක් අල්ලනවා. ඊට පස්සේ මුළු ආණ්ඩුවේම බලය හා රාජ්‍ය සම්පත් දාල පළාත් සභා ඡන්දයක් තියනවා. මේක ලැජ්ජ නැති වැඩක්. 2015 අපි කිව්වෙ සියලු පළාත් සභා එකම දිනයක තියන ක්‍රමවේදය ඇති කරන බවයි. 1987 අපි පළාත් සභා ගේනකොට රට ගිනිතියපු ජවිපෙයි ඒකට උඩගෙඩි දීපු ශ්‍රීලනිප හා අද පොහොට්ටු අයයි දැන් පළාත් සභා ඉල්ලන දඟලනවා. ඉතිහාසය දන්න අයට ඒක හිරිකිතයි. අනික මේ රජය යටතේ පළාත් පාලන හා පළාත් සභා ඡන්ද දෙකම කල් දැම්මෙ අපි නෙවෙයි ශ්‍රීලනිප අයයි. සියලු ඡන්ද නිසි පරිදි එක වෙලාවක තියනවා. මේ කැබිනට් මණ්ඩලයේ කොකේන් ගහන ඇමැතිවරු ඉන්න බව ආණ්ඩුවේම ඇමැති කෙනෙක් කීම බරපතළයි. ඔබේ ප්‍රතිචාර ? එක එක්කෙනාගෙ බාලාංශ පන්ති කතාවලට උත්තර දෙන්න මට මොළේ අමාරු නෑ. අශෝක ජයතුංග
 

More News..