brand logo

​කොවිඩ් දුරු කරන්න දේව පූජාවක්

15 September 2021

භික්ෂූන් වහන්සේලාත් සහභාගී වෙච්ච කෝවිලේ පැවති පූජාව

කොවිඩ් වසංගතය මෙරටින් දුරුවන ලෙසට යාච්ඤා කරමින් ඊයේ (14) යාපනය, පොන්නාලෙයි වරදරාජා පෙරුමාල් කෝවිලේ විශේෂ දේව පූජාවක් පැවැත්විණ. කොවිඩ් වසංගතය මෙරටින් දුරුවන ලෙසට ප්‍රාර්ථනා කරමින් දේව පූජාව සංවිධානය කොට තිබිණ. දේව පූජාව පැවැත්වූ අවස්ථාවට යාපනය නාගදීප විහාරාධිපති නවදගල පදුම හිමියෝ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද වැඩම කොට සිටියහ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ද වැඩම කොට සිටියහ. මාධව කුලසූරිය - වවුනියාව
 

More News..