brand logo

​කොරෝනා ලොතරැයි පොකුරක් එපා

27 October 2020

කොවිඩ් 19 වයිරසය දිවයින පුරා ව්‍යාප්ත වීමේ අවදානම මත ලොතරැයි දිනුම් ඇදීම්, පවතින තත්ත්වය පාලනය වනතෙක් තාවකාලිකව අත්හිටුවන්නැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය විසින් ලොතරැයි මණ්ඩල ද්විත්වයෙන් ඊයේ (26) ඉල්ලා ඇත. එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ ‘අරුණ’ට පැවසුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරුන්ගෙන් ඊයේ කළ මෙම ඉල්ලීම තුළින් මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරු වශයෙන් පැතිර යන මෙම වයිරසය ලොතරැයි පොකුරක් වශයෙන් පත්වීමට ඉඩකඩ නොදෙන ලෙස අවධාරණය කළ බවය. දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64කට පනවා ඇති ඇඳිරිනීතිය ​හේතුවෙන් ලොතරැයි අලෙවි නියොජිතයන් සහ අලෙවි සහායකයන් 25,000ක් පමණ පීඩාවට පත්ව සිටින බවත් ලක්ෂ 54ක්ව පැවැති දෛනික ටිකට් පත් අලෙවිය ලක්ෂ 15ක් දක්වා පහත වැටී ඇති බවත් ක්‍රිෂාන් මාරඹගේ පෙන්වා දුන්නේය. එෆ්. අස්ලම් චාමර පල්ලේගෙදර
 

More News..