brand logo

ෆොන්ටෙරා සමාගම වෙතින් රටේ යහපත වෙනුවෙන් කැපවන සැමට සෙත්පතා ආගමික වතාවත්

13 July 2020

COVID-19 වසංගතයේ පැතිරීම සාර්ථක ලෙස පාලනය කිරීමට සමත් වී ශ්‍රී ලංකාවේ දෛනික කටයුතු නැවත ආරම්භ වීමත් සමගම, ඇන්කර් නිෂ්පාදන වෙ‌ළෙඳපොළට රැගෙන එන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම පසුගිය ජූලි 06 වන දින තම ප්‍රධාන කාර්යාලයේදී සර්වාගමික ආශීර්වාද වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළේ ය. වසංගතය පවතින කාලසීමාව තුළ ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු ක්‍රියාකාරීව පැවතුණු නමුත් එහි සියලුම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පැමිණියේ ජූලි 06 වන සඳුදා දින සිට ය. මෙහිදී COVID-19 වසංගතයේ තර්ජනය පැවති කාලසීමාවේදී රට වෙනුවෙන් ඇපකැප වී සේවය කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සෞඛ්‍ය සේවකයන් සහ අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායන්හි සාමාජිකයන් මෙන්ම, ෆොන්ටෙරා සමාගමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දායක වූ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන්, කිරි ගොවියන්, සැපයුම්කරුවන්, දීපව්‍යාප්ත නියෝජිතයන්, අලෙවිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සියලුම දෙනා උදෙසා කෘතඥතා පූර්වකව සෙත් පැතීම සිදුවිය. එමෙන්ම COVID-19 වසංගතය සාර්ථකව පාලනය කර ලෝකයට ආදර්ශයක් ලබාදීමට සමත් වූ ආකාරයට ඉදිරියටත් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ශක්තිය ධෛර්යය ලැබේවා යන ප්‍රාර්ථනයද මෙහිදී සිදුකෙරිණි.
 

More News..