brand logo

ෆේස්බුක් නිසා මෙරට සමාජයීය ප්‍රචණ්ඩත්වය ඉහළට

28 June 2020

ශ්‍රී ලංකාවේ සමාජීය ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීමට ෆේස්බුක් වැනි සමාජ ජාලා ඉවහල් වී ඇති බව නිව්යෝක් විශ්වවිද්‍යාලය විසින් සිදු කළ අධ්‍යයනයක දී හෙළි වී ඇත.  එම විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මානව හිමිකම් පිළිබඳ මධ්‍යස්ථානය විසින් කරන ලද මෙම අධ්‍යයනයේ දී වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ ෆේස්බුක් සහ වෙනත් ජනප්‍රිය සමාජ ජාල විසින් දේශීයව යොදවා ඇති පරිපාලකයන්ගේ ක්‍රියාකාරිත්වය (මැදිහත්වීම) ප්‍රමාණවත් පරිදි නොවීම හේතුවෙන් මෙලෙස ගිනි අවුළුවන අන්තර්ගතයන් පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවයි. 2018 මාර්තු මාසයේ දී දිගන පදනම් කරගෙන සිදු වූ අවම තරමින් තිදෙනෙකු මරණයට පත් වූ මුස්ලිම් විරෝධය’ හා පසුගිය වසරේ 259 දෙනකු මියගිය පාස්කු ප්‍රහාරයට පසු තත්ත්වය පාලනය කිරීමේ දී පැහැදිලිවම ෆේස්බුක් පරිපාලකයන් අසාර්ථක වී ඇති බව එම අධ්‍යයනය ප්‍රකාශ කරයි. ෆේස්බුක් ඔස්සේ ව්‍යාප්ත වූ මෙම ප්‍රහාරයන්ට අදාළ උසිගැන්වීම් පාලනය කරන ලද්දේ නම් අදාළ තත්ත්වය ආරම්භයේදීම පාලනය කළ හැකිව තිබූ බව ද නිව්යෝක් විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල දී සමාජ ජාල ඔස්සේ අපහාස කිරීම් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සිදු කරන මැදිහත්වීම ප්‍රමාණවත් බවත් එම අධ්‍යයනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නයන තරංග ගමගේ
 

More News..