brand logo

ෆෙඩෙරර්ට ඉතිහාසගත පරාජයක්

04 September 2018

ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ සිව්වැනි වටය හෙවත් අවසන් 16 දෙනාගේ වටයේදී සුපිරි ක‍්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩෙරර් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ඔස්ටේ‍්‍රලියාවේ ජෝන් මිල්මන් සමත් වූයේය. පැය තුනහමාරකට වැඩි වේලාවක් පැවැති මෙම තරගයේදී තරග වට 3-1 (3-6, 7-5, 7-6, 7-6) කින් මිල්මන් හමුවේ ෆෙඩෙරර් පරාජයට පත්විය. 29 හැවිරිදි මිල්මන් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 55 වැනි ස්ථානයේ පසුවේ. මෙවැනි ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ටෙනිස් ශූරතාවකදී ලෝක ශ්‍රේණිගත කිරීම්හි 50 වැනි ස්ථානයට පිටුපසින් සිටින ක‍්‍රීඩකයෙක්ට ෆෙඩෙරර් පරාජය වූ පළමු අවස්ථාව වශයෙන් මෙය සටහන් වෙයි. ඒ අනුව මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී නොවැක් ඞ්ජකොවික්ට එරෙහිව මිල්මන් තරග වැදීම නියමිතය.
 

More News..