brand logo

ෆිෆා දක්‍ෂතම ක්‍රීඩකයා ලූකා

26 September 2018

ලන්ඩන්හි පැවැති ෆිෆා පාපන්දු සම්මාන උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ක්‍රොයේෂියා නායක ලූකා මොඞ්රිච් සමත් විය. සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඊජිප්තුවේ මොහොමඞ් සාලා අභිබවා යමින් මොඞ්රිච් මෙම සම්මානය දිනා ගැනීම කැපී පෙණිනි. එහිදී මොඞ්රිච් ඉදිරියේ සියයට 29.05 ක ප්‍රතිශතකයක්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉදිරියේ සියයට 19.08 ක් සහ මොහොමඞ් සාලා ඉදිරියේ සියයට 11.23 ක ප්‍රතිශතයක් සටහන් වී තිබිණි. ෆිෆා පාපන්දු ලෝක කුසලානේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වෙමින් මෙවර රන් පන්දුවේ හිමිකරුවා බවටද හෙතෙම පත් වී තිබිණි. එසේම ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා ක්‍රොයේෂියා පිළක් රැගෙන ආ පළමු නායකයා වශයෙන්ද මොඞ්රිච් ඉතිහාසයට එක් විය. මෙම සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව මොඞ්රිච් පවසා ඇත්තේ “ඇත්තටම මේ ගෙවෙන්නේ මම ගතකරපු හොඳම පාපන්දු සමයයි. ඒ වෙනුවෙන් කැපවෙලා සහයදුන් හැම ක්‍රීඩකයෙක්ටම මම ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා” යි යනුවෙනි. දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය බ්‍රසීලයේ මාර්ටාට හිමිවන අතරවාරයේදී හොඳම ගෝලය උදෙසා පිරිණමන පුස්කාස් සම්මානය ඊජිප්තුවේ මොහොමඞ් සාලාට හිමි විය. මීට අමතරව දක්ෂතම පිරිමි පුහුණුකරුට හිමි සම්මාන ප්‍රංශයට ලෝක කුසලාන දිනා දීමේදී කණ්ඩායම මෙහෙයවූ ඩිඩියර් ඩෙස්චෑම්ප්ට හිමි වූයේය. එම දක්ෂතම කාන්තා කණ්ඩායම් පුහුණුකරුට හිමි සම්මානය හිමි වූයේ රෙනල්ඞ්ස් පෙඞ්රෝස්ටයි. මීට අමතරව දක්ෂතම දැල් රකින්නාට හිමි සම්මානය ෆිෆා පාපන්දු ලෝක කුසලානේ තෙවැනි ස්ථානය දිනාගත් බෙල්ජියම් පිලේ තිබොට් කර්ටොයිස්ගේ නම ඉදිරියේ සටහන් විය. හොඳම ප්‍රේක්ෂකයින්ට නිර්දේශිත සම්මානය හිමි වූයේ පේරු දේශයටය. මෙවර නම්කර ඇති ලෝක කණ්ඩායම - ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලියොනල් මෙසී, කයිලියන් බැප්පේ, ඊඞ්න් හසාර්ඞ්, කන්ටේ, ලූකා මොඞ්රිච්, මාසිලෝ, ඩැනී අල්විස්, වරනේ, සර්ජියෝ රාමෝස්, ඩි ගියා
 

More News..