brand logo

ෆිෆා තරගාවලියේ තවත් තරග දෙකක් අද

21 November 2022

 

එංගලන්තය සහ ඉරානය අතර තරගය පස්වරු 6.30ට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි දිනය යටතේ අද(21) 'ඒ' කාණ්ඩයේ සහ 'බී' කාණ්ඩයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව 'ඒ' කාණ්ඩය යටතේ සෙනගාලය සහ නෙදර්ලන්තය අතරත්, එංගලන්තය සහ ඉරානය අතරත් තරග පැවැත්වීමට නියමිතව තිබේ. දිනයේ පළමු තරගය ලෙසින් එංගලන්තය සහ ඉරානය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඉදිරිපෙළ ක්‍රීඩක හැරී කේන්ට හිමිවී ඇති අතර ඉරාන කණ්ඩායමේ නායකත්වය එහසාන් හජ් සාෆිට හිමිව තිබේ. දිනයේ දෙවැනි තරගය ලෙසින් සෙනගාලය සහ නෙදර්ලන්තය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 9.30ට තරග වැදීමට නියමිතය.
 

More News..