brand logo

ෆැෂන් බග් නවතම ශාඛාව කොටහේනට

20 July 2020

දිවයිනේ ප්‍රමුඛ පෙළ විලාසිතාගාර ජාලයක් වන ෆැෂන් බග් ආයතනය, දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 16 වැනි ශාඛාව ලෙස සිය නවතම ශාඛාව පසුගියදා කොටහේන නගරයේ විවෘත කරන ලදී. විසිපස් වසරකට පෙර ආරම්භව දිනෙන් දින ජනතා ගෞරව ප්‍රසාදයට පාත්‍ර වූ ෆැෂන් බග් මේ වනවිට නවතම විලාසිතා සොයා යන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ විශ්වාසනීය තේරීම බවට පත්ව තිබේ. විවිධත්වයෙන් සපිරි ජනතාවක් වෙසෙන කොටහේන නගරයේ ස්ථාපිත වූ නවතම ෆැෂන් බග් ශාඛාවේ ඇඳුම් පැළඳුම්, පාවහන්, සෙල්ලම් බඩු, තෑගි භාණ්ඩ හා ගෘහ උපකරණ යනාදී වශයෙන් විවිධත්වයෙන් සපිරි තෝරාගැනීම් රැසක් සඳහා මහල් එකින් එක වෙන්කොට තිබේ. කාන්තා, පිරිමි හා ළමා ඇඳුම්, කාර්යාලීය ඇඳුම් විලාසිතා, උත්සව ඇඳුම් ඇතුළු සෑම ආකාරයකම විලාසිතා අවශ්‍යතාවන් සියල්ල කොටහේන නව ෆැෂන් බග් ශාඛාවෙන් සපුරාගත හැකිය. පාරිභෝගිකයන්ගේ සිතැඟි පරිදි විලාසිතා තෝරාගනිමින් සැනසිලිදායක සාප්පු සවාරියක යෙදිය හැකි පරිදි කොටහේන ශාඛාවේ මහල් සැලසුම් කොට තිබේ. එක්වරකට වැඩි වාහන ප්‍රමාණයක් නවතා තැබිය හැකි වැඩි ඉඩකඩකින් යුතු ආරක්ෂිත වාහන නැවතුම් ඉඩකඩ පාරිභෝගිකයන්ගේ සාප්පු සවාරිය තවදුරටත් පහසුකරනු ලැබ තිබේ. ෆැෂන් බග් ප්‍රධාන විධායක නිලධාරී ශබීර් සූබියන් මහතා කොටහේන ශාඛාව පිළිබඳ අදහස් දක්වමින් “ආර්ථික හා සාමාජීය ආකාරයෙන් නිරන්තරයෙන් වෙනස්වෙන කොටහේන වැනි නාගරික ප්‍රදේශයක නව ශාඛාවක් ආරම්භ කිරීමට හැකිවීම අප කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක්. ජනතා විශ්වාසය දිනාගත් ජනප්‍රිය වෙළෙඳ නාමයක් විදිහට ෆැෂන් බග් අපි ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව ගැන බොහොම සැලකිලිමත්වෙමින් අපගේ ශාඛාවන්ගේ කටයුතු පවත්වාගෙන යනවා. ජන විවිධත්වයකින් යුතු කොටහේන ප්‍රදේශවාසී සියලු ජනතාවට අප සහෝදරත්වයෙන් ආරාධනා කරනවා ෆැෂන් බග් සමග එක්ව එදිනෙදා ජීවිත විලාසිතාව විවිධත්වයෙන් සුන්දර කරගන්නට” යැයි පැවසීය.
 

More News..