brand logo

ෆාම් තෙල් මිල වැඩි වීම පොල්තෙල්වලටත් බලපාලා

12 June 2020

පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ පොල් මිල පහළට ගොස් තිබේ. එහෙත් පොල්තෙල් මිල ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති. කොරෝනා සමයේ වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අලෙවි වූයේ රුපියල් 80-90ත් වැනි මිලකටය. පොල් අස්වැන්න ලැබීමත් සමග පොල් ගෙඩියක මිල රු. 55-65 වැනි මිලකට පහත වැටී ඇත. නමුත් කොරෝනා සමයේ රු. 340-360 අලෙවි වූ පොල් තෙල් බෝතලයක මිල මේ වන විට රු. 390-450 දක්වා වැඩි වී ඇත. මේ සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාවගෙන් විමසීමේ දී ඔවුන් ප්‍රකාශ කර සිටියේ වෙනදා රු. 7500ක පමණ තොග මිලකට තිබූ ලීටර් 20ක ෆාම් තෙල් බැරලයක මිල මේ දිනවල රු. 10000 ඉක්මවන බවය. ෆාම් තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් මෝල් හිමියන් පොල්තෙල් මිල ද වැඩි කර ඇති බව කියයි. කෙසේ නමුත් මෙම මිලට පවා පොල් තෙල් අලෙවි කරනුයේ ඉතා අවම ලාභයක් තබාගෙන බවත් කියති. පොල් මිල පහළ ගොස් තිබියදීත් පොල් තෙල් මිල අඩු වී නැත්තේ පොල් තෙල් නිෂ්පාදනය කරන්නේ පොල්වලින් නොවේදැයි පාරිභෝගිකයෝ ප්‍රශ්න කරති. ඉන්දික සංජීව විතාන - හොරණ
 

More News..