brand logo

ෆාමසි විවෘත තබන වෙලාව සහ ප්‍රදේශවල වෙනසක්

10 April 2020

දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොරෝනා අවදානම් දිස්ත්‍රික්ක සහ පුර්ණ වශයෙන් නිරෝධායනට ලක් කර ඇති ප්‍රදේශ හැර අනෙක් දිස්ත්‍රික්වල සියලුම ඖෂධ සැල් විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි. අත්‍යාවශ්‍ය සේවා සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. අදාල ප්‍රදේශවල ඖෂධ සැල් පෙරවරු 09 සිට පස්වරු 2 දක්වා විවෘතව තැබීමට උපදෙස් දී ඇත. කොරෝනා අවදනාම් සහිත ප්‍රදේශ සහ පුර්ණ නිරෝධායන ක්‍රියාවලියට ලක්කර ඇති ප්‍රදේශ සඳහා අවශ්‍ය ඖෂධ පෙර පැවති ක්‍රමයට අනුව නිවසට ඖෂධ සැපයිම සිදුවනු ඇති.
 

More News..