brand logo
logo

ෆාතිමාගේ ඝාතකයා තවත් කාන්තාවක් කෙළෙසන්න හදලා

01 June 2022

ඝාතකයාගේ රහස් එළියට එයි

අටුලුගම ෆාතිමා අයිෂා දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ සැකකරු මින් පෙර අවස්ථාවකදී ද එම ප්‍රදේශයේ කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කර ඇති බවට අද (01) අනාවරණය විය. පසුගිය පෙබරවාරි මාසයේදී එම සිද්ධිය වාර්තා වී තිබේ. අදාළ කාන්තාව සිටි නිවසට රහසිගතව ඇතුළුවී ඇති එම සැකකරු එහිදී ඇයට අතවර කිරීමට උත්සාහ ගෙන තිබේ. අදාළ සිද්ධියට මුහුණ දුන් කාන්තාව සඳහන් කළේ, "මම පෙරපාසල් ගුරුවරියක් ලෙස කටයුතු කළා. මම දරුවන් දෙදෙනා සමග ගෙදර නිදාගෙන සිටියදී මගේ කට තදකරා. ඒත් එක්කම මට ඇහැරුණා. මාව කඹයකින් ගැටගහන්න හැදුවා. මම කෑගැහුවා. ඒත් එක්කම ඔහු පැනලා ගියා." පොලීසියට පැමිණිලි කළ ද ඔවුන් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගත් බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පවසයි. එම අවස්ථාවේදී පොලීසිය නිසි පියවර ගෙන තිබුණා නම් ෆාතිමා දැරිය ට මෙවැනි ඉරණමක් අත්නොවන බවද එම කාන්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..