brand logo

ෆ්ලෙමින්ගේ තැන රෝස් ටේලර් හිමිකර ගනී

20 February 2019

නවසීලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගැනීමට රොස් ටේලර් සමත්ව තිබෙනවා. රොස් ටේලර් විසින් මෙලෙස පළමු ස්ථානයට පැමිණියේ ස්ටීවන් ෆ්ලෙමින් දෙවන ස්ථානයට ඇදදමමින්. රොස් ටේලර් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 8026ක්. ස්ටීවන් ෆ්ලෙමින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 8007ක්. මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙමින් තිබෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී රොස් ටේලර් විසින් ලකුණු 69ක් ලබාගැනීමත් සමගයි ඔහු අද එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ.
 

More News..