brand logo

ෆසාල්ගේ සුපිරි ගෝලයෙන් ශ‍්‍රී ලංකාවට ජය

30 August 2018

මොහොමඞ් ෆසාල් විසින් වාර්තා කරගත් සුපිරි ගෝලයේ පිහිටෙන් බංග්ලාදේශය සමග ඊයේ පැවැති පුහුණු පාපන්දු තරගයෙන් ගෝල 1-0 ක ජයක් ලැබීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය. බංග්ලාදේශයේ ශෙයික් කමාල් ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි. තරගයේ ගතවූ 10 වැනි මිනිත්තුවේදී ප‍්‍රථිවාදී ක‍්‍රීඩකයින් මෙන්ම රැුස්ව සිටි 40,000 කට ආසන්න ප්‍රෙක්ෂකයින් විශ්මයට පත්කරමින් මීටර් 40 ක පමණ දුරක සිට පන්දුව එල්ල කරමින් ෆාසාල් එම ගෝලය වාර්තා කිරීම කැපී පෙණුනි. කෙසේ නමුත් එම ගෝලය වාර්තා කිරීමේ සතුට සිය ටී ෂර්ටය ගලවා සැමරීම හේතුවෙන් ෆසාල්ට කහ කාඞ් පතක් ලබා දීමට එහිදී ප‍්‍රධාන විනිසුරුවරයා කටයුතු කළේය. මෙම තරගය ලබන මස 4 වැනිදා ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු සුසුකි කුසලාන පාපන්දු තරගාවලියට පෙර පුහුණුවක් වශයෙන් පැවැත්විණි.
 

More News..