brand logo

ෆවුසිව පැයකට හරි හිරේ දාන්න ගන්න තිබුණා - රන්ජන්

18 February 2020

තමන් සැම විටම වංචා දුෂණයට එරෙහිව කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ 2015 ආණ්ඩුව බලයට පත්වීමත් සමග කටුනායක ගුවන් තොටුපල වසා දමා පක්ෂ විපක්ෂ භෝදයකින් තොරව වංචා දුෂණ සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස තමන් සියලු පාර්ශව දැනුවත් කළ බව රාමනායක මහතා සඳහන් කළා. පසුගිය රජය සමයේ ආණ්ඩු පක්ෂයේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි මහතා  හිරේ දැමිය යුතුව තිබු  බව ද රංජන් රාමනායක මහතා පැවසීය. දුෂිතයන් අධිකරණය හමුවට ගෙන ඒම අරමුණු කරගනිමින් පමණක් තමන් අධිකරණ විනිසුරුවන්ට දුරකතන ඇමතුම් ලබා දුන් බවයි රංජන් රාමනායක මහතා සඳහන් කළේ. ඔ්නෑම අභියෝගයකට මුහුණ දීමට සුදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සඳහන් කළේ. රංජන් රාමනායක මහතා මෙම අදහස් පලකිරිමත් සමග පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්වයක් ඇතිවුණා. එහිදී නාමල් රාජපක්ෂ / චන්දිම වීරක්කොඩි / රෝහිත අඛේගුණවර්ධන / හරීන් ප්‍රනාන්දු සහ බිමල් රත්නායක මහතා මහත්වරුන් ද අදහස් පලකළා.
 

More News..