brand logo

පාසල් ළමුන් ප්‍රවාහනය කල බස් රථයක් පෙරළෙයි - ළමුන් 18ක් වැඩිහිටියන් 10ක් රෝහලේ

08 October 2019

හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. අද (08) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදිය. ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලොරි රථයට ඉඩ ලබා දිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරලි ඇති බවයි පොලිසිය පැවසුවේ. බස් රථය අනතුරට පත් වන අවස්තාවේ ප්‍රදේශයේ දැඩි අයහපත් කාලගුණ තත්වයත් පැවති බවයි පොලිසිය පැවසුවේ. හැටන් ප්‍රදේශයේ පෞද්ගලික ජාත්‍යන්තර පාසලක අද (08) පැවති පුජාවකට සහභාගි වි ආපසු නිවස කරා යමින් සිටි ළමුන් පිරිසක් සහ ඔහුන්ගේ දෙමාපියන් පිරිසකුයි තුවාල ලබා ඇත්තේ. අනතුරෙන් තුවාල ලැබු ළමුන් වයස අවුරුදු 6 ත් 15 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්,තුවාල ලැබු පාසල් සිසුන්ගේ සහ වැඩිහිටියන්ගේ තත්වය බරපතල නොවන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ. අනතුරින් බස් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුර පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
 

More News..