brand logo

ළමුන් අතර කොවිඩ් පැතිරීම ඉහළට

10 November 2020

පසුගිය සතිය තුළදී  ළමුන් 74,000කට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක් සතියකදී අමෙරිකාවේ වාර්තා වූ ඉහළම ළමා ආසාදිතයන් සංඛ්‍යාව මෙය බව ළමා රෝග පිළිබඳ අමෙරිකානු ඇකඩමිය පෙන්වාදෙයි. අමෙරිකාවේ සමස්ථ ආසාදිතයන් අතරින් සියයට 11 ඉක්මවූ ප්‍රතිශතයක් ළමුන් බවද එම ආයතනය සඳහන් කරයි. නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩන්, ශීත ඍතුවේදී කොවිඩ් ව්‍යාප්තිය තවත් දරුණුවිය හැකි බැවින් ආරක්ෂිත මුහුණු ආවරණ පළඳින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ වන විට අමෙරිකාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 10,421,956ක් දක්වා ඉහළ ගොස් තිබේ. අමෙරිකාවේ පුද්ගලයින් 6,552,610ක් පුර්ණ සුවය ලබා ඇති අතර පුද්ගලයින් 244,448ක් මරණයට පත්ව ඇත.
 

More News..