brand logo

ළමා රෝහලේ සානයවලට සම්බන්ධවීමට නව දුරකථන අංකයක්

17 May 2021

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සායන සඳහා සහභාගීවීමට රෝහල වෙත පැමිණීම අනිවාර්ය නොවන බව රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින කෙනෙකුට 1390 අංකය අමතා අදාළ සායන වෙත යොමුවී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව පවතින බවය. එම රෝගීන්ගේ ඖෂධ රිජ්වේ ආර්යා ළමා රෝහල විසින් ඒ ආසන්නයේම තියෙන ප්‍රධාන රෝහලකට යැවීමට කටයුතු කරන බව වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. සායනයට පැමිණීම අත්‍යවශ්‍යම රෝගියෙක් සිටිනවා නම් 1390 අංකයට කථා කරලා වේලාවක් හා දිනයක් වෙන්කරවාගෙන පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා දැනුම්දෙයි.
 

More News..