brand logo

ළමා උපකාරක සේවයට වාර්ෂිකව පැමිණිලි 9000ක්

12 June 2019

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (12) යෙදී තිබේ. මෙවර ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ තේමාව වී ඇත්තේ "ළමා ශ්‍රමය නිමා කරමු, නැවුම් සිහින සැබෑ කරමු" යන්නය. මෙම දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන පරිදි වාර්ෂිකව ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය (1929) වෙත පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබෙන බවයි. ඉන් පැමිණිලි 1,500කට ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධයෙන් බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සඳහන් කරයි. ළමා ශ්‍රමයට එරෙහි වී, ළමා ශ්‍රමය නිමාකිරීම සඳහා එවැනි සිදුවීම් පිළිබඳ දවසේ පැය 24 ක්‍රියාත්මක, ඇමතුම් ගාස්තු රහිත 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙසද එම අධිකාරිය දැනුම් දෙයි.
 

More News..