brand logo

ළදරුවන් අටක් මැරුවැයි හෙදියකට චෝදනා

13 November 2020

බ්‍රිතාන්‍යයේ වෙස්ටර් රෝහ‌ලේ හෙදියකට ළදරු මරණ 08ක් සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත. මෙම ඝාතන හැරුණු විට තවත් ළදරුවන් 10දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ බවටද චෝදනා එල්ල වී ඇත්තේ 30 හැවිරිදි ලුසී ලෙටිබි නම් හෙදිය වෙතය. මෙම හෙදියට මුල්වරට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත්තේ 2015 වර්ෂයේදීය. ඉන් අනතුරුව 2018 සහ 2019 දී දෙවරක්ම නව උපත් ළදරු ඒකකයේ මරණ සම්බන්ධයෙන් ඇයව දෙවරක් අත්අඩංගුවට ගෙන තිබේ. අලුතින්ම එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇය ඊයේ (12 වැනිදා) අධිකරණයේ පෙනී සිටීමට නියමිතව සිටියාය. 2017 දී මෙම මරණ සම්බන්ධයෙන් ආරම්භ කළ පොලිස් විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය අගහරුවාදා (10 වැනිදා) ඇය නැවත අත්අඩංගුවට ගනු ලැබිණි. මියගිය දරුවන්ගේ මාපියන් සියලු දෙනාම හෙදියට එරෙහිව සාක්ෂි ගොනු කිරීමට අධිකරණයට පැමිණෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2011 දී වෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් පුහුණු හෙදියක් ලෙස සුදුසුකම් ලැබූ ඇය 2013 සිට ළදරුවන් රැකබලා ගැනීමේ කටයුතුවලට අනුයුක්තව මෙම රෝහලේ සේවය කර ඇත. නයන තරංග ගමගේ
 

More News..