brand logo

හෝමාගම සිට කොටුවට නව දුම්රියක්

03 February 2021

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට හෝමාගම දුම්රිය ස්ථානය දක්වා නව මන්දගාමී දුම්රියක් ලබන 05 වැනිදා සිට ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී. එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ එම දුම්රිය දිනපතා ධාවනයට යෙදවීමට කටයුතු කරන බවයි. ඒ අනුව මෙම නව දුම්රියේ මංගල ගමන අනිද්දා (05) පෙරවරු 7.00ට හෝමාගම දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට නියමිතයි. එම දුම්රිය පස්වරු 6.10ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිත අතර, පස්වරු 7.15ට හෝමාගම දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..