brand logo

හෝමාගම සහ ගොඩගම පවුල් 7 ක් නිරෝධායනයට

14 July 2020

හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් කෝවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගත් යුධ හමුදා නිලධාරීන් දෙදෙනා ඇසුරු කළ පවුල් 7 ක පුද්ගලයින් 30 ක් නිෙරෝධායනයට ලක් කර තිඛේ. මෙම යුධ හමුදා සාමාජිකයින් දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ නිලධාරින් දෙදෙනෙක් වනවා. එම නිලධාරින් දෙදෙනා නිවාඩු ලබා හෝමාගම සහ ගොඩගම පිහිටි නිවෙස් වෙත පැමිණ තිබුණා. මේ අතර ඉන් එක් කොරෝනා ආසාදිත යුධ හමුදා නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා යොමු වු හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය සහයකයකු ද නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම අදාල යුධ හමුදා නිලධාරියා ගිය හෝමාගම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලක සේවකයෙකු ද නිරෝධායනය සඳහා යොමු කර ඇත.
 

More News..