brand logo

හෝමාගම රෝහලේ කොවිඩ් වාට්ටු සියල්ල පිරීයයි

25 April 2021

හෝමාගම මූලික රෝහලේ කොවිඩ් ආසාදිතයින් සඳහාම වෙන්කර ඇති දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යන කොවිඩ් රෝගී ප්‍රතිකාර වාට්ටු සියල්ල මේ වනවිට රෝගීන්ගෙන් පිරීගොස් තිබෙන බව වාර්තා වී තිබේ. මේ අනුව රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අද (25) දිනයේ සිට වෙන්කර ඇති බව හෝමාගම මූලික රෝහලේ රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා, "අපි තීරණය කළා හෝමාගම රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අද දිනයේ සිට වෙන් කරන්න. මෙවර අපි දකින විශේෂ දේ තමයි, මෙවර දැඩිසත්කාර ඒකකයට ඇතුළත් වන්නේ ගියවර වගේ නෙමෙයි, තරුණ රෝගීන් සහ විශාල වශයෙන් සංකූලතා රහිත රෝගීන්. මේක විශේෂත්වයක්. කළයුතු එකම දේ තමයි ජනතාව තේරුම් අරගෙන විශාල වශයෙන් සංචරණය සීමා කිරීම."
 

More News..