brand logo

හෝමාගම රෝහලේ කොවිඩ් මළසිරුරක් කුණුවී දැඩි දුර්ගන්ධයක්

04 January 2021

    හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගනනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක් තැන්පත් කර තිබෙන බව පැවසෙනවා. මේ නිසා දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී තිබෙන බව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ මහත්මිය සඳහන් කර තිබේ. එහි තැන්පත්කර තිබෙන මළසිරුරු මුස්ලිම් ජාතික පිරිමි සහ ගැහැණු පුද්ගලයන්ගේ වන අතර ඉන් මළසිරුරු හතරක් අධි ශීතකරණය තුළත් තවත් මළ සිරුරක් ඉන් පිටතත් තැන්පත් කර තිබෙන බව වෛද්‍යතුමිය සඳහන් කරනවා. කොවිඩ් මළසිරුරක් මියගොස් පැය 24ක් තුල ආදාහනය කිරීමට නියමිත උවද මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැති වීම හා ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැත්ත නිසා දින ගණනාවක් තැන්පත්ව තිබෙන බව සඳහන් කර ඇත. කෙසේ වෙතත් මේ වනවිට ශීතකරණයෙන් පිට තිබෙන මළ සිරුර දැඩි ලෙස නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක් පවතින බව පැවසෙනවා.
 

More News..