brand logo

හෝමාගම මාළුකඩේ මුදලාලිට කොවිඩ්

23 October 2020

හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළෙහි හිමිකරු කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ. මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ් ආසාදිතයෙක් බවට අනාවරණය වීමත් සමග වෙළෙඳසැළ අද (23) සිට වසා දැමීමට කටයුතු කර ඇත. එම හිමිකරුගේ පවුලේ අය සහ වෙළෙඳසැළේ සේවකයින් 17 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය. එම මාළු වෙළඳසල් හිමිකරු පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස තහවුරු වී තිබුණු අතර ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් කොස්ගොඩ ප්‍රදේශයේ රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පැවසීය. තවද ප්‍රදේශයේ මාළු වෙළෙන්දන් සියලු දෙනාම අදාල කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා
 

More News..