brand logo

හෝමාගම ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

18 June 2019

හෝමාගම ප්‍රාදේශීය සභාවේ අද පැවැති මහා සභා රැස්වීමේදි ඉතාමත් උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. ඒ හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාට පසුගියදා එල්ලවූ මැර ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂාව ඉල්ලා මන්ත්‍රීවරයා අද (18) එම රැස්වීමේදී ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීම එහි සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. අනතුරුව රැස්වීම විනාඩි 30කට පමණ කල් දැමීමට ද සිදු විය. එම අවස්ථාවේ මන්ත්‍රීවරයා සභාව මත මේසයක් මතට නැගී විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවිය.
 

More News..