brand logo

හෝමගම ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

18 November 2020

හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 9 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. හෝමාගම - ගලවිලවත්ත ජල පොම්පාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව, හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි. මේ අතර, මොරටුව ජල පොම්පාගාරයේ නල මාර්ගයක අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් නිසා අනිද්දා පස්වරු 8 සිට පසුදා පෙරවරු 8 දක්වා පැය 12 ක කාලයක් මොරටුව මහනගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති.
 

More News..