brand logo

හෝන් ගැහුව වාහන ගැන​ පොලිස් විමර්ශන

26 May 2019

ප්‍රභූ වාහන පෙළක ගමන් ගත් ඇමැතිවරයකුට ගමන් කිරීමට මාර්ගය වසා තිබියදී වාහනවල නළා ශබ්ද කරමින් ඊට විරෝධය පා පොලිස් අණ නොතකා ගිය වාහන සොයා පොලිසිය විමර්ශනයක් අරඹා ඇත. කොළඹ ටවුන්හෝල්හි නෙළුම් පොකුණ ආසන්නයේදී රජයේ ප්‍රබල අමාත්‍යවරයකුට ගමන් කිරීමට මාර්ග වසා දමා තිබුණේ පොලිසිය මැදිහත් වීමෙනි. ඒ මොහොතේ රියැදුරන් හෝන් විරෝධතාවක් කරමින් පොලිස් අණ නොකතා වාහන ධාවනය කර ඇත. සී.සී.ටී.වී.දර්ශන ඔස්සේ පොලිස් අණ නොතකා ගිය වාහන ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඇමැතිවරුන්ට ගමන් කිරීමට මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීමට කටයුතු නොකරන ලෙස පසුගිය 21 දා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..